Lankaenews මගින්
1818 කැරැල්ල පාවාදුන්නේ මැදමූලන රාජපක්ෂලාගේ මී මුත්තෙක්: රාජපක්ෂලාගේ දේශද්‍රෝහී ඉතිහාසය හෙළිවේ..!---------
(ලංකා ඊ නිව්ස් -2013.නොවැ.02, ප.ව.7.30) 1818 වෙල්ලස්ස කැරැල්ලට සහයෝගය දෙන බව පෙන්වා බි්‍රතාන්‍යයන්ට තොරතුරු ලබාදුන්නේ මැදමූලන රාජපක්ෂ පරම්පරාවේ ආදි පුරුෂයෙකු බව සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබේ. උපුටා ගැනීම කළ බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඇති ජෝන් ඩොයිලි (1812-1822) තැබූ සටහන මෙසේය.
"උතුමාණෙනි කැරැල්ල මැඩ පවත්වන්නට කටයුතු කරමි. ප්‍රභූ අධිකාරම්වරු කිහිප දෙනෙකුගේ තොරතුරු මත නායකත්වය දෙන භික්ෂූහු ඇතුළු නිලමෙලා අත් අඩංගුවට ගනිමි. ඔත්තු ලබා දුන් ප්‍රභූන්ට ආරක්ෂාව ඇතුව පිට පළාත්වල රැකවරණය දෙමි. ප්‍රභූ ඔත්තුකරුවා ලවා කැරැල්ලේ සියළු තොරතුරු මම ලබා ගත්තෙමි. ඔහු කැරැල්ල වෙනුවෙන් පෙනී සිටි අපගේ බලවත් ඔත්තුකරුවෙකි."
මෙම ඔත්තුකරුවා වෙන කිසිවෙක් නොව වනිග චින්තාමනී මොහොට්ටි දොන් හෙන්ද්‍රික් රාජපක්ෂ බව පුවත් පත වාර්තා කරයි.
මොහු මැදමූලන රාජපක්ෂ පරම්පරවට නෑකම් කියන බව ආචාර්ය අලූත්වැව සෝරත හිමි විසින් ලියන ලද මැදමූලන මහරුක නම් පුවත් පත් අතිරේකයේ සඳහන්ව තිබේ. ඒ මෙලෙසය.
"ඓතිහාසික මුලාශ්‍ර අනුව රාජපක්ෂවරුන් අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වන්නේ 1818 කැරැල්ල සමගය. එම ඓතිහාසික නිදහස් අරගලයට නායකත්වය දුන් අය අතර එක් අයෙකු වන්නේ වනිග චින්තාමනී මොහොට්ටි රාජපක්ෂ ය. ඉංග්‍රීසින් විසින් කැරැල්ල මර්දනය කිරීමෙන් පසු වනිග චින්තාමනී රාජපක්ෂ ජීවිත ආරක්ෂාව පතා මැදමූලනට පැමිණ ඇත. මොහු රාජපක්ෂ පරම්පරාවේ ආදි පුරුෂයෙකු ලෙස සැලකේ."
මේ අනුව ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ ඔත්තු ලබා දුන් ප්‍රභූන්ට ඉංග්‍රීසින් ලබා දුන් ආරක්ෂාව යටතේ වනිග චින්තාමනී රාජපක්ෂ මැදමූලනට පැමිණි බවයි. මන්ද යත් ඉංග්‍රීසින්ට බයේ ආරක්ෂාව පතා ආවා නම් එවකටත් ඉංග්‍රීසින්ගේ බලය පැතිරූ ප්‍රදේශයක් වන මැදමූලනට නොපැමිණෙන බැවිනි.
වර්තමානයේදී ද මැදමූලන රාජපක්ෂලා මහජන මුදල් සොරකමින්, චීනුන්ට රට පාවා දෙමින්, බීමට වතුර ඉල්ලු දරුවන් පවා මරා දමමින් අමුම අමු දේශද්‍රෝහීන් ලෙස පරම්පරා උරුමය අනුව ක්‍රියා කරති.
(මූලාශ්‍රය ලංකා ක්‍රේසි නිව්ස්)
Comments
Post a Comment