Skip to main content

ඌව වෙල්ලස්ස කැරැල්ල


ඌව වෙල්ලස්ස කැරැල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigationJump to search
වෙල්ලස්ස නිදහස් අරගලය
සිංහලේ නිදහස් අරගලය කොටසකි
දිනය1817–1818
ස්ථානයවෙල්ලස්සබ්‍රිතාන්‍ය ලංකාව
රණපත්හු
King of Kandy.svg සිංහලේ සටන්කරුවෝ මහා බ්‍රිතාන්‍ය රාජධානිය
ආඥාපතීන් සහ නායකයන්
කැප්පෙට්ටිපොළ දිසාවේ
විල්බාවේ
රොබට් බ්‍රවුන්රිග්
ප්‍රබලතාව
අඥාතඅඥාත
ආපතිකයන් සහ හානියන්
අඥාතඅඥාත
tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. නුවර ගිවිසුමෙන් බුදු දහම ආරක්ෂා කිරීමට බැඳී සිටියද, බ්‍රිතාන්‍යයන් විසින් දළදා මාළිගා භූමියේ දේවස්ථානයක් අරඹන ලදී.
ඌව වෙල්ලස්ස නිදහස් අරගලය , බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව, 1817-1818 කාලයේ සිදුවූ කැරැල්ලක් ලෙසින් ඉංග්‍රීසි ආන්ඩුව සලකනු ලැබුව ද, සත්‍ය වශයෙන්ම එය දේශයෙ ස්වාධීනත්වය පතා අතිවූ නිදහස් අරගලයකි. මෙම සටනට ප්‍රධානතම හේතුව වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ උඩරටප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි.

එක්සත් රාජධානි ආණ්ඩුවේ ප්‍රතිචාර [1][සංස්කරණය]

ප්‍රහාරාත්මක[සංස්කරණය]

  • වෙල්ලස්සේ ආහාර හිඟයක් ඇතිකිරීම
    • වැවු අමුණු පුපුරවාහැරීම
    • කුඹුරු ගිනිතැබීම
    • පලදරන ගස් කපාදැමීම
    • ගවයන් මරාදැමීම
    • මහවෙල්යාය
  • ජන සංහාරය
    • අවුරුදු 18ට වැඩි පිරිමින් මරාදැමීම
    • මල සිරුරු ජල පහරවලට දමා රෝග පැතිරවීම
  • ජන ශූන්‍ය කිරීම
    • ගෙවල් ගිනිතැබීම

ප්‍රහාරාත්මක නොවන[සංස්කරණය]

  • විනාශකල වැවු අමුණු ප්‍රතිසංස්කරනය නොකිරීම
  • සටනට සම්බන්ධවූවන් දේශද්‍රෝහීනි ලෙස ගැසට් කිරීම
  • සටන්කරුවන් ජීවත්වූ ගම්මාන සහ මහ වෙල්යාය කැලෑ අඥාපනත යටතේ දඩයම් ක්‍රීඩාව සඳහා ආණ්ඩුවට පවරාගෙන ජන ශූන්‍ය කිරීම

අවසානය[සංස්කරණය]

නිදහස් සටනේ අවසානය[සංස්කරණය]

මෙම සටන නිමාවට පත්වුයේ මහත්වූ ලේ වැගිරීම් සිදුකරමිනි. සටන මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වැසියන් හට නිවාස හා දේපළ අහිමිවිය. ඌව වෙල්ලස්ස ප්‍රදේශ වල වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික කටයුතුද අඩපණ විය. ඉතිහාසය පවසන පරිදි වැල්ලවායෙන් ආරම්භව මුළු ඌව වෙල්ලස්සේ කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තබා විනාශ කරන ලදී.
Journal of Uva සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් (Herbert White) පවසා සිටි ප්‍රකාශනයක් පහත දැක්වේ.
"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටි‍යෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක."
මූලාශ්‍ර
1. බණ්‌ඩාර තිලකසිරි වි.වා.මු. 1991, ඌව වංශ කතාව (2 ඛාණ්‌ඩය), බණ්‌ඩාරවෙල සීමාසහිත තිලක මුද්‍රණාලය (පෞද්ගලික) සමාගම
2.විමලානන්ද තෙන්නකෝන්, 1962, උඩරට මහ කැරැල්ල (2 ඛාණ්‌ඩය), සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම.
3. එච්. එම්. අනුරාධ විජයවර්ධන බණ්‌ඩාර (දිවයින – 2010 ඔක්තෝබර් 13 දින ලිපිය.

ගැසට් නියෝගය අවලංගු කිරීම[සංස්කරණය]

රටින් පිටුවහල් කලවුන්ට ගෞරව සම්මාන[සංස්කරණය]

සටනට සම්බන්දවීම නිසා අත්අඩංගුවටගෙන මුරුසියට පිටුවහල් කළ 28 දෙනකුට ක්‍රි.ව. 2013දී ශ්‍රී ලංකා ජනරජය මගින් ගෞරව සම්මාන පිරිනැමක් සිදුකරයි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Jump up ආචාර්ය සූරිය ගුණසේකර (2009). මහා සිංහලේ අයිතිහාසික අසාධාරණයකර්තෘ ප්‍රකාශනයක්. ISBN 978-955-50272-2-9.
  2. Jump up http://www.divaina.com/2013/11/25/news08.html රටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාර

Comments